29 C
Colombo
Monday, October 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඊයේ මිරිහානේදී බස් එක ගිනි තිබ්බේ කවුද?

ඊයේ මිරිහානේදී බස් එක ගිනි තිබ්බේ කවුද?

ඊයේ (31) මිරිහානේදි පැවැත්වූ විරෝධතාවය අතරතුරදී බස් රථයක් ගිනි තැබීමේ පිළිබඳ සිද්ධියක් වාර්තා විය. ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනා විවිධාකාරයේ මත ඉදිරිපත් කර තිබුණු අතර බොහෝ තැන්වල කිසිවෙකුගෙන් නිසි තොරතුරක් අපට දකින්නට නොලැබුණි.

මුහුණුපොත හරහා මෙම විරෝධතාවට ජනතාව ඒකරාශී වූ අතර මෙම විරෝධතාවය සම්බන්ධව ජනතාව තොරතුරු බොහෝමයක් දැනගත්තේද මුහුණුපොත හරහායි. ඉතින් අප කණ්ඩායමට මෙම බස් රථය ගිනි තැබීමේ සිදුවීම සම්බන්ධවද මුහුනුපොතෙන් තොරතුරු කිහිපයක් සොයා ගැනීමට ලැබුනා. එහිදී තරුණයෙක් පල කළ ලිපියක් සහ වීඩියෝ පටයක් අප ඔබට මේ විදිහට උපුටා දක්වන්නට සිතුවේ මේ වීඩියෝ පටයේ ඇති දේ යම් කිසි සැකයක් උපදවන නිසයි.