― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsපොලිස්පතිට මානව හිමිකම් කොමිසමෙන් කැඳවීමක්

පොලිස්පතිට මානව හිමිකම් කොමිසමෙන් කැඳවීමක්

මිරිහාන විරෝධතාවයේදී මාධ්‍යවේදීන්ට පහරදීම සම්බන්ධයෙන් කරුණු විමසීමට ලබන අඟහරුවාදා පොලිස්පතිවරයා මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා තිබේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සියලු සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් අද (03) පැවති විශේෂ හමුවකදී මෙම තීරණවලට එළැඹ තිබේ.

එම විරෝධතාවයේදී මාධ්‍යවේදීන්ට පහරදීම මානව හිමිකම් කොමිසන් සභාව දැඩි ලෙස හෙළා දකින අතර අනුරාධපුර විරෝධතාවයේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු එම විරෝධතාකරුවන්ට කළ පහරදීමක් සම්බන්ධයෙන්ද මානව හිමිකම් කොමිසන් සභාවේ අවධානය යොමුව තිබේ.

එම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකුද ලබන අඟහරුවාදා කොමිසම හමුවට කැඳවා තිබේ.