29.5 C
Colombo
Saturday, August 9, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපුංචි මල් කැකුලක් සමග මාමා ළිඳකට වැටී මරුට

පුංචි මල් කැකුලක් සමග මාමා ළිඳකට වැටී මරුට

යාපනය සංගරත්තෙයි ප්‍රදේශයේ තීක්කිරායි වැව අසල අනාරක්ෂිත ළිඳකට වැටී කුඩා දරුවෙකු හා ඔහුගේ මාමා මිය ගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලීසිය වාර්තා කරයි.

මුලතිව් රෙඩ්බානා ප්‍රදේශයේ පදිංචි මෙම දරුවා, තම මව සමඟ මවගේ නිවසට පැමිණි අතර, එහිදී දරුවාගේ මාමා සමඟ වැව නැරඹීමට ගොස් තිබේ.

වැව අසල තිබූ අනාරක්ෂිත ළිඳකට දරුවා හා මාමා වැටුණු අතර, ජලයේ පාවෙමින් සිටි දරුවා දුටු ප්‍රදේශවාසීන් ඔහු වහාම ගොඩගෙන යාපනය රෝහල වෙත රැගෙන ගොස් තිබේ.

කෙසේ වුවද, දරුවා මිය ගොස් තිබූ අතර, පසුව දරුවා සිටි ස්ථානය වැඩිදුරටත් පරීක්ෂා කිරීමේදී දරුවාගේ මාමාගේ මෘත දේහයද සොයාගැනීමට හැකි වී ඇත.

මියගිය දෙදෙනාගේ මෘත පරීක්ෂණ යාපනය රෝහලේ මෘත ශරීරාගාරයේදී පැවැත්වීමට නියමිතය.

මෙම සිද්ධිය පිළිබඳව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරමින් සිටී.