Nutella නිර්මාතෘ Francesco Rivella අවුරුදු 97 වයසින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඉතාලි මාධ්‍ය විසින් Nutella හි “පියා” ලෙස හඳුන්වනු ලැබූ ඔහු, 1952 දී ඉතාලි චොකලට් සහ රසකැවිලි සමාගමක් වන ෆෙරේරෝ හි සේවය ආරම්භ කළේය. එය Nutella ලොවට හඳුන්වා දීමට වසර දොළහකට පෙර බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වයස අවුරුදු 25 දී ඔහු ටියුරින් හි බ්‍රෝමැටොලොජිකල් රසායන විද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ගැනීමට සමත් විය.
ඔහුගේ අභාවය පිළිබඳව බොහෝ දෙනා ශෝකයට පත්ව ඇති අතර, සමාජ මාධ්‍යයේ පළ වූ ප්‍රතිචාර අතර මෙවැනි අදහස් දැක ගත හැකිය:
“මිස්ටර් Francesco ඔබ මගේ ළමා කාලය වෙනස් කළා. ඔබ ඉහළම මිනිසුන් 10 දෙනා අතර සිටින බවට තර්ක කළ හැකියි”
“මගේ රජතුමනි, අපගේ ලෝකයට ඔබ කළ දායකත්වයට ඔබට බොහෝම ස්තූතියි.”