30.6 C
Colombo
Saturday, January 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයුක්‍රේන ජනාධිපතිවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්

යුක්‍රේන ජනාධිපතිවරයාගෙන් විශේෂ ප්‍රකාශයක්

රුසියාව විසින් තම රට තුළ සිදු කළ යුද අපරාධ පිළිබඳව චෝදනාවන් ප්‍රතික්ෂේප කිරීමට අවශ්‍ය කරුණු රැස් කරමින් සිටින බව යුක්‍රේන ජනාධිපති වොලදිමීර් සෙලන්ස්කි පවසයි.

ඊයේ රාත්‍රියේ ජනතාව අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ. රට තුළ රුසියාව විසින් සිදු කළ සියලු යුද අපරාධ පිළිබඳව තම නිලධාරීන් තොරතුරු රැස්කරමින් සිටින බව සෙලෙන්ස්කි පවසයි.

ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණයේ නියෝජිතයන් විසින් තම උපරිමයෙන් යුක්‍රේන ජනතාවට සිදු වූ අපරාධයන් පිළිබඳ සොයා බලනු ඇතැයි ඔහු බලාපොරොත්තු වන බව ප්‍රකාශ කර තිබේ.