― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsහමුදා රැකවල් මැද ගෙනගිය කන්ටේනරයේ තොරතුරු හෙළි වෙයි

හමුදා රැකවල් මැද ගෙනගිය කන්ටේනරයේ තොරතුරු හෙළි වෙයි

සමාජ මාධ්‍ය ඔස්සේ මහත් කතාබහට ලක්වූ කොළඹ වරාය පර්යන්තයේ සිදුවූ බහලුම් මෙහෙයුමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ විනාශ කිරීම සඳහා ඉවත් කරන විකිරණශීලී ද්‍රව්‍ය නැවත අපනයනය කිරීමක් බවත් එය ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාවේ අනුමැතිය පරිදි සිදුකෙරෙන කටයුත්තක් බවත්ය.

එවැනි මෙහෙයුමක් සිදුකරන අවස්ථාවක විශේෂ කාර්ය බලකාය ස්ථානගත කිරීම සාමන්‍යයෙන් සිදුවන බවත් එම නිවේදනයෙන් වැඩිදුරටත් දක්වා තිබේ.