― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsහෙට සිට පොලිසියට හමුදාවෙන් කෑම - යුද හමුදා යතුරුපැදිකරුවන් සහ පොලිසිය අතර...

හෙට සිට පොලිසියට හමුදාවෙන් කෑම – යුද හමුදා යතුරුපැදිකරුවන් සහ පොලිසිය අතර ඇතිවූ සිද්ධිය දුරදිග යයි

ඊයේ පාර්ලිමේන්තුව අසල අරගලකරුවන් විරෝධතාවයේ නිරත වෙද්දී ඒ අසලට අංක තහඩු නොමැති යුද හමුදා යතුරු පැදි කිහිපයක් පැමිණියා.
එම ස්ථානයෙන් අවස්ථා කිහිපයකීම ඒ මේ අතර ඔවුන් යද්දී විරෝධතාකරුවන්ට දැඩි විරෝධයක් ඔවුන්ට එල්ල කළා.
නැවතත් එම යුද හමුදා යතුරුපැදි පැමිණෙද්දී පොලිසියද ඊට විරුද්ධත්වය පලකළා.
ඔවුන්ට දැඩි අවවාද කිරීමක්ද පොලිසිය විසින් සිදුකළා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කරන ලෙසද හමුදාපතිවරයා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබුණා.
එවැනි පසුබිමක විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙකු සිය මුහුණුපොතේ වෙනස්ම කතාවක් සටහන් කර තිබුණා.
සේනාංකයක් භාරව සිටි යුද හමුදාවේ කීර්තිමත් නිලධාරියෙකු වන චාගි ගාල්ලගේ සිය මුහුණුපොතේ මෙලෙස සටහනක් තබා තිබුණා.

“නොදන්න ටිංකිරිවලට කහින බයියන්ගේ දැනගැනීම පණිස, හෙට සිට පොලිසියට හමුදාවෙන් කෑම.”