ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු සමාජගත කළ Youtube නාලිකා 22ක් අවහිර කිරීමට ඉන්දීය රජය පියවර ගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දීය වත්මන් රජය සහ විදේශ රටවල් අතර ඇති සම්බන්ධතා සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු වාර්තා කිරීම සම්බන්ධයෙන්ද එම නාලිකාවලට චෝදනා එල්ල වී ඇති අතර
එම නාලිකා ව්‍යාජ රූපවාහිනී නාලිකා සන්නාමද භාවිත කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් දක්වයි.
මීට අමතරව ව්‍යාජ තොරතුරු හුවමාරු කිරීමේ චෝදනා මත එරට ජනප්‍රිය ට්විටර් ගිණුම් තුනක්, ෆේස්බුක් ගිණුමක් සහ ප්රවෘත්ති වෙබ් අඩවියක්ද රජය විසින් අවහිර කර ඇති බවයි.