― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsකටුනායක ගුවන්තොටුපළෙත් ඉන්ධන හිඟයක්

කටුනායක ගුවන්තොටුපළෙත් ඉන්ධන හිඟයක්

කටුනායක ගුවන්තොටුපළ සේවකයින්ට අද (07) නිවසේ සිට රාජකාරි කරන ලෙස උපදෙස් දී ඇති බව ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම පවසයි.

ඔවුන් ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය ඩීසල් තොග නොමැති වීම හේතුවෙන් මේ පියවර ගත් බව එහි උප සභාපති රජීව් සූරියආරච්චි පැවසීය. ඒ අනුව අත්‍යවශ්‍ය රාජකාරි සඳහා පමණක් සේවකයින් කැඳවා තිබේ.

ගුවන්තොටුපළ සඳහා අවශ්‍ය ඉන්ධන තොග දින කිහිපයක සිට ඇණවුම් කළද මෙතෙක් එම ඉන්ධන තොග නොලැබුණු බවත් කෙසේවෙතත් ගුවන් තොටුපළ රේඩාර් පද්ධතිය ඇතුළු අත්‍යවශ්‍ය සේවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බලශක්තිය ගැටලුවකින් තොරව ලබා ගැනීමට හැකියාව පවතින බවත් හෙතෙම අවධාරණය කළේය.