වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් හඳපානාගල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී පැපොල් වගාවක් මුවාවෙන් පවත්වාගෙන ගිය මහා පරිමාණයේ නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම ස්ථානයේ භූගතව ඉතාමත්ම සූක්ෂම ලෙස මෙම මත්පැන් නිෂ්පාදනය පවත්වාගෙන ගොස් ඇති අතර එහි තිබී නීති විරෝධී මත්පැන්,මත්පැන් පෙරීමට
ගන්නා ගෝඩා සහ මත්පැන් පෙරීමට ගන්නා උපකරණ රැසක් ද සිය භාරයට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
පොලිස් අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව එම ප්‍රදේශයේ ම පදිංචි තැනැත්තියක වන අතර සැකකාරිය වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට
ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිද්ධිය සම්බන්ධයෙන් මොණරාගල මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.