― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsපකිස්ථාන අගමැතිට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද විමසීම අද

පකිස්ථාන අගමැතිට එරෙහි විශ්වාසභංගයේ ඡන්ද විමසීම අද

පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහි විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීම අද (09) එරට පාර්ලිමේන්තුවේදී පැවැත්වීමට නියමිතය.

මෙම ඡන්ද විමසීම පසුගිය ඉරිදා පැවැත්වීමට නියමිත තිබුණද පකිස්ථාන පාර්ලිමේන්තුවේ කථානායකවරයා විසින් එය ඉවත දමනු ලැබූ අතර එහිදී ඉම්රාන් ඛාන් පරාජයට පත්වී තනතුරෙන් ඉවත්වීමට සිදුවනු ඇති බවට
දේශපාලන විචාරකයන් මත පළ කරයි.

විපක්ෂය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම තීරණය අභියෝගයට ලක් කරනු ලැබූ අතර එහි තීන්දුව ලබාදෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ විශ්වාසභංගය අත්හිටුවීමට ගත් තීරණය ව්‍යවස්ථාවට පටහැනි බවයි.

රට තුළ ආර්ථික අර්බුදය දරුණුවීමට අගමැතිවරයාගේ ක්‍රියාකලාපය හේතුවී ඇති බව දක්වමින් පකිස්ථාන විපක්ෂය විසින් මෙම විශ්වාසභංග යෝජනාව ගෙන එනු ලැබීය.