― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsIMF සමඟ පළමු වටයේ සාකච්ඡා සාර්ථකයි

IMF සමඟ පළමු වටයේ සාකච්ඡා සාර්ථකයි

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පළමු වටයේ නිල සාකච්ඡාව ඊයේ (11) පැවතිණි.

අන්තර්ජාලය හරහා එම සාකච්ඡාව පවත්වා ඇති අතර ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් අමාත්‍ය අලි සබ්රි, මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මෙන්ම මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා සහභාගී වී තිබේ.

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පළමු වටයේ පැවති මෙම සාකච්ඡාව සාර්ථක වී ඇති බවට තොරතුරු වාර්තා වන අතර මෙම සාකච්ඡාව විනාඩි 45ක් පමණ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතවරිය සමඟ පවත්වා තිබේ.

ලබන 18 වැනිදා ශ්‍රී ලංකා නියෝජිත පිරිස IMF නියෝජිතයින් මුණ ගැසීම සඳහා වොෂිංටන් බලා යාමට නියමිතය. එහිදී ලෝක බැංකු නියෝජිතයින් සමඟද සාකච්ඡා කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අගමැති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසයි.