26.1 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදෙදින නිල සංචාරයකට බොරිස් ජොන්සන් ඉන්දියාවට

දෙදින නිල සංචාරයකට බොරිස් ජොන්සන් ඉන්දියාවට

එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ලබන සතියේ දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාවට පැමිණීමට නියමිතය.

අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන්ගේ පළමු ඉන්දීය සංචාරය මෙය වන අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා අප්‍රේල් 21-22 දිනවල ඉන්දියාවේ නිල සංචාරයක් සඳහා පැමිණෙන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිවේදනයක දැක්වේ.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය ජොන්සන් රාෂ්ට්‍රපති භවන්හිදී චාරිත්‍රානුකූලව පිළිගනු ලබන අතර අප්‍රේල් 22 වැනිදා අග්‍රාමාත්‍යවරයා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

නවදිල්ලියේ නිල කටයුතුවලට අමතරව අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අප්‍රේල් 21 වැනිදා ගුජරාටයේ සංචාරයකද නිරතවීමට නියමිතය.