― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසීනි බදු වංචාවෙන් රජයට අහිමි ආදායම අදාළ පාර්ශවවලින් ලබා ගන්න - මානව...

සීනි බදු වංචාවෙන් රජයට අහිමි ආදායම අදාළ පාර්ශවවලින් ලබා ගන්න – මානව හිමිකම් කොමිසම

සීනි බදු වංචාවෙන් රජයට අහිමි ආදායම අදාළ පාර්ශවවලින් ලබා ගන්නැයි, මානව හිමිකම් කොමිසම අවධාරණය කරයි.

සීනි බදු අඩු කිරීම මගින් රජයට අහිමි වු බදු ආදායම අදාළ පර්ශවවලින් අයකර ගත යුතු බවට රජයේ විගණකාධිපතිවරයා ලබාදී ඇති නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණි මාරසිංහ මහත්මිය පැවසුවාය.

නිවේදනයක් නිකුත් කරමින් ඇය සඳහන් කළේ, 1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනත අනුව ස්වයං මැදිහත් වීමක් සිදුකිරීම සඳහා පවතින ප්‍රතිපාදන අනුව විගණකාධිපතිවරයා විසින් සීනි බදු සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වය පිළිබඳව කරුණු ඇතුළත්ව ඉදිරිපත් කර ඇති වාර්තාවක් කෙරෙහි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සිය අවධානය යොමු කර ඇති බවයි.

ඒ අනුව රාජ්‍ය බලය අයුතු ලෙස සහ අත්තනෝමතික ලෙස භාවිත කිරීම ඔස්සේ ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ආර්ථික , සමාජීය හා සංස්කෘතික අයිතිවාසිකම් උල්ලංඝනය විමට ඉඩ ඇති බැවින් විගණකාධිපතිවරයාගේ නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කළේ ය.

සීනි බද්ද අඩු කිරිම මගින් රජයට අහිමි වු බදු ආදායම එම වාසිය ලබාගත් පාර්ශවයන්ගෙන් නැවත අය කර ගත යුතු බව ජාතික විගණන කාර්යාලය රජයට නිර්දේශ කර තිබේ.

එම කොමිසම මෙම නිර්දේශය කර ඇත්තේ සිනි කිලෝග්‍රෑම් එකක් සඳහා පනවා තිබු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද රුපියල් 50 සිට ශත 25 ක් දක්වා අඩු කිරිමෙන් බලාපොරොත්තු වූ සහනය පාරිභෝගික ජනතාවට ලැබිම පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා සිදුකළ විශේෂ විගණනයට අදාළවයි.

2020 වසරේ ඔක්තොබර් 14 වනදා සිට එතෙක් සීනි කිලෝගෑම් එකක් මත පනවා තිබූ රුපියල් 50 ක විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ශත 25 ක් දක්වා අඩුකිරිමට රජය පියවර ගත්තේ ය.

මෙම විගණනයේදී අනාවරණය වී ඇත්තේ විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ශත 25 ක් දක්වා අඩු කළ 2020 වසරේ ඔක්තොබර් 14 වනදා සිට සිනි සඳහා පැවති පාලන මිල ඉවත් කළ 2021 වසරේ පෙබරවාරි 8 වනදා දක්වා වු මාස හතරක කාලය තුළ පමණක් රජයට රුපියල් මිලියන 16,763 ක බදු ආදායමක් අහිමි වි ඇති බවයි.

අදාළ කෙටි කාල සීමාව තුළ පමණක් ලංකා සතොස ආයතනය වරින් වර පෞද්ගලික අංශයේ ආනයනකරුවන්ගෙන් වැඩි මිලට සීනි මිලදි ගෙන අඩුමිලට අළෙවි කිරිම මගින් රුපියල් මිලියන 102 ක පමණ අලාභයක් වාර්තා කර තිබේ.

ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙන්නේ 2020 වසරේ ඔක්තෝබර් සිට 2021 වසරේ පෙබරවාරි දක්වා වු මාස කිහිපය තුළ පමණක් පිරමිඩ් විල්මා ආයතනයේ සීනි ආනයනය 1,222% කින් අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇති බවයි.