කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ විතානගේ පාර ප්‍රදේශයේ පිහිටි නිවසක් වටලා සිදුකළ මෙහෙයුමකදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 728ක් සමඟ වයස අවුරුදු 81ක් වන කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර, අත්අඩංගුවට පත් කාන්තාව කොළඹ 02 ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර අදාළ නිවසේ හිමිකාරිය බවද සඳහන් වේ.
පසුව සැකකාරිය වැඩිදුර නීතිමය කටයුතු සඳහා කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.
වැටලීම සිදුවන අවස්ථාවේදී සැකකාරියගේ පුත්‍රයා නිවසින් පලාගොස් ඇති බව අනාවරණය වී ඇති අතර, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා කොම්පඤ්ඤවීදිය පොලීසිය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරමින් සිටී.


