― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතවත් මාරක අනතුරක්

තවත් මාරක අනතුරක්

ගාල්ල–කොළඹ ප්‍රධාන මාර්ගයේ පයාගල, කටුකුරුන්ද ප්‍රදේශයේදී බස් රථයක් හා ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් කාන්තාවක් සහ කුඩා පිරිමි දරුවකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පයාගල පොලීසිය පවසයි.

ඊයේ (01) මධ්‍යම රාත්‍රී 12ට පමණ මෙම අනතුර සිදුව ඇති අතර, ත්‍රීරෝද රථයේ සිටි තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.

කොළඹ සිට මාතර දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථය, කළුතර කටුකුරුන්ද ප්‍රධාන බස් නැවතුම්පොළ අසල නවතා නැවත ගමන් ආරම්භ කරද්දී ඉදිරියෙන් පැමිණි ත්‍රීරෝද රථය එහි ඉදිරිපසට ගැටී මෙම අනතුර සිදුව ඇති අයුරු බස් රථයේ ඉදිරිපස සවිකර තිබූ CCTV කැමරාවකද සටහන්ව තිබේ.

මෙම ත්‍රීරෝද රථයේ ගමන් කර ඇත්තේ එකම පවුලේ පිරිසක් වන අතර, 62 හැවිරිදි මිත්තණියක් සහ 12 හැවිරිදි පිරිමි දරුවා බරපතළ තුවාල ලබා කළුතර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

ත්‍රීරෝද රථය පදවා ඇත්තේ මියගිය දරුවාගේ සීයා බවත්, ඔහුද බරපතළ තුවාල ලබා කළුතර රෝහලේ ප්‍රතිකාර ලබන බවත් සඳහන් වේ. තවත් කාන්තාවකට සුළු තුවාල සිදුවී ඇත.

අනතුරට ලක්වූ පවුල කළුතර දුවේ පන්සල පාර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් බේරුවල ප්‍රදේශයේ පොසොන් සිරි නරඹා නැවත නිවසට යමින් සිටියදී මෙම සිදුවීමට මුහුණපා ඇත.

බස් රථය නැවතුම්පොළේ නවතා නැවත ඉදිරියට ගමන් කරන අවස්ථාවේදී, ඉදිරියෙන් පැමිණි ත්‍රීරෝද රථය පාලනය අහිමි වී පෙරළී ගොස් බස් රථයේ ගැටී ඇති බවද සැක පළ කර ඇත.

මේ අතර, අනතුර සිදුවූ අවස්ථාවේ බස් රථයේ සිටි මගියෙකු විසින් රියදුරාගේ වාහන බලපත්‍ර ඇතුළත් බෑගය සොරකම් කර ඇති අතර, එම සිදුවීමද බස් රථයේ CCTV කැමරාවේ සටහන්ව ඇති බව වාර්තා වේ.