― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉදිරි මාස 6 සඳහා ජල ගාස්තු ඉහළ දමන්නේ නෑ

ඉදිරි මාස 6 සඳහා ජල ගාස්තු ඉහළ දමන්නේ නෑ

නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසන්නේ මේ වසරේ ඉදිරි මාස 06ක කාලය සඳහා ජල ගාස්තු සංශෝධනයක් සිදුකිරීමට බොහෝ දුරට අවශ්‍යතාවක් නොමැති බවයි.

ඔහු සඳහන් කරන්නේ වසරේ පළමු භාගය තුළ ජල පිරිපහදු හා සැපයුම් කටයුතු සඳහා මණ්ඩලයට දැරීමට සිදු වූ වියදම් සාපේක්ෂව අඩු මට්ටමක පැවති බවත්, ඒ හේතුවෙන් ගාස්තු වැඩි කිරීමක් ගැන අවශ්‍යතාවක් මතුව නොමැති බවත්ය.

වර්ෂය තුළ මාස හයකට වරක් ජල ගාස්තු සමාලෝචනය සිදුකෙරුණද, මෙවර පළමු මාස හය සඳහාද සංශෝධනයක් නොකිරීමට රජය තීරණය කර තිබුණි.

ජූලි 01 සිට දෙසැම්බර් 31 දක්වා ඉදිරි මාස හය සඳහා ගාස්තු ඉහළ නැංවීමක් සිදුවේද යන්න පිළිබඳව මාධ්‍ය මගින් කළ විමසීමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ පිරිවැය වෙනස්වීම් පිළිබඳව සලකා බැලීමක් සිදුකරන බවයි.

ඔහුගේ පැහැදිලි කිරීම අනුව මෙම කාලය තුළ ප්‍රධාන වශයෙන් 18%ක විදුලි ගාස්තු ඉහළ යාමක් පමණක් බලපා ඇති අතර ඉන්ධන මිල වැඩිවීම ජල සැපයුම් ක්‍රියාවලියට සෘජුව බලපා නොමැති බවද සඳහන් වේ.

ජල ගාස්තු ව්‍යුහයේ විදුලිබලයේ දායකත්වය සීමිත ප්‍රමාණයකින් පවතින බැවින්, එම වියදම් වැඩිවීම ඒකකයකට රුපියල් 2.50ක් පමණක් ලෙස බලපා ඇති බවද ඔහු පෙන්වා දෙයි. ඒ අනුව සමස්ත පිරිවැය ඉහළ යාම ඉතා සුළු මට්ටමක පවතින නිසා ඉදිරි මාස හය සඳහාද ජල ගාස්තු සංශෝධනයක් සිදුවීමට ඉඩකඩ අඩු බව අමාත්‍යවරයා අවධාරණය කරයි.