ශ්රී ලංකා මහ බැංකුව විසින් තහනම් පිරමීඩ යෝජනා ක්රම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා නව නිවේදනයක් නිකුත් කර තිබේ.
1988 අංක 30 දරන (සංශෝධිත) බැංකු පනතේ 83(ඇ) වගන්තියට අනුව සිදුකළ විමර්ශනයකින් අනතුරුව “Infinity Rover (Pvt) Ltd” ආයතනය තහනම් පිරමීඩ යෝජනා ක්රමයක නිරතව සිටීම, එය පවත්වාගෙන යාම සහ ප්රවර්ධනය කිරීම සිදු කර ඇති බවට මහ බැංකුව විසින් නිර්ණය කර ඇත.
එම පනතේම 83(ඇ) වගන්තිය යටතේ තවත් ආයතන සහ යෙදවුම් (Apps) කිහිපයක්ද මෙවැනි තහනම් පිරමීඩ යෝජනා ක්රම ක්රියාත්මක කර ඇති බවට හඳුනාගෙන ඇති බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.
ඒ අනුව, පහත සඳහන් ආයතන සහ යෙදවුම් මෙම ලැයිස්තුවට ඇතුළත් වන බව දන්වා ඇත:
- Tiens Lanka Health Care (Pvt) Ltd
- Best Life International (Pvt) Ltd
- Mark – Wo International (Pvt) Ltd
- V M L International (Pvt) Ltd
- Global Lifestyle Lanka (Pvt) Ltd
- Fast3Cycle International (Pvt) Ltd
- Sport Chain app / Sport Chain zs society Sri Lanka
- OnmaxDT
- MTFE App / MTFE SL Group / MTFE Success Lanka / MTFE DSCC Group
- Fastwin (Pvt) Ltd
- Fruugo Oline App / Fruugo Oline (Pvt) Ltd
- Ride to Three Freedom (Pvt) Ltd
- Qnet / Questnet
- Era Miracle (Pvt) Ltd සහ Genesis Business School
- Ledger Block
- Isimaga International (Pvt) Ltd
- Beecoin App සහ Sunbird Foundation
- Windex Trading
- The Enrich Life (Pvt) Ltd
- Smart Win Entrepreneur (Pvt) Ltd
- Net Fore International (Pvt) Ltd / Netrrix
- Pro Care (Pvt) Ltd / Shade of Procare (Pvt) Ltd
- SGO / sgomine.com
- I.C.A.N Advertising (Pvt) Ltd සහ එයට අනුබද්ධ icanonlineadvertising.com / bannercuts.com / bannercuts.lk / bannercuts.net / bannercuts.org
- Infinity Rover (Pvt) Ltd


