― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsරිය අනතුරකින් භික්‍ෂුන් 09ක් අපවත් වෙති.. තවත් 13කට බරපතලයි

රිය අනතුරකින් භික්‍ෂුන් 09ක් අපවත් වෙති.. තවත් 13කට බරපතලයි

තායිලන්තයේ මුක්දහන් (Mukdahan) පළාතේ වන්දනා පා ගමනක නිරතව සිටි බෞද්ධ භික්ෂූන් වහන්සේලා පිරිසක් දෙමාපියන්ට අයත් පිකප් රථයක් පදවාගෙන පැමිණි 11 හැවිරිදි පිරිමි දරුවෙකුගේ රථයට යටවීමෙන් බිහිසුණු අනතුරකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම අනතුරින් භික්ෂූන් වහන්සේලා 9 නමක් අපවත් වී ඇති අතර, තවත් හිමිවරුන් සහ ගිහි බැතිමතුන් කිහිපදෙනෙකු බරපතළ තුවාල ලබා තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ භික්ෂූන් වහන්සේලා 35 නමක් සහ ගිහි බැතිමතුන් පස් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පා ගමනින් වන්දනා චාරිකාවක නිරතව සිට ඇත.

පොලිස් තොරතුරු අනුව, අනතුර සිදුවූ ස්ථානයේදීම භික්ෂූන් වහන්සේලා පස් නමක් අපවත් වී ඇති අතර, තවත් හිමිවරුන් සිව් නමක් රෝහල්ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ අදාළ දරුවා සිය දෙමාපියන්ගේ අවසරයකින් තොරව පිකප් රථය රැගෙන ගොස් ඇති බවත්, රථය පාලනය කර ගැනීමට නොහැකිව වන්දනා ගමනේ යෙදී සිටි භික්ෂූන් වහන්සේලා සහ බැතිමතුන් අතරට කඩා වැදී ඇති බවත්ය. මූලික තොරතුරු අනුව එම දරුවා විශේෂ අවශ්‍යතා සහිත අයෙකු වන අතර, මේ වන විට ඔහු නිලධාරීන්ගේ සහ වෛද්‍ය කාර්ය මණ්ඩලයේ අධීක්ෂණය යටතේ පසුවෙයි.

සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ තුවාල ලැබූ තවත් භික්ෂූන් වහන්සේලා තිදෙනෙකුගේ තත්ත්වය අසාධ්‍ය බවත්, තවත් හිමිවරුන් පස් නමකට බරපතළ තුවාල සිදුව ඇති බවත්ය. තුවාලකරුවන්ට අවශ්‍ය ප්‍රතිකාර කඩිනමින් ලබාදීම සඳහා මුක්දහන් රෝහල මහජනතාවගෙන් හදිසි රුධිර පරිත්‍යාග සිදුකරන ලෙසද ඉල්ලීමක් කර තිබේ.