කොළඹ සහ ඒ අවට ප්‍රදේශ රැසකට හෙට (04) පෙරවරු 9.00 සිට රාත්‍රී 9.00 දක්වා පැය 12ක ජල සැපයුම් කප්පාදුවක් ක්‍රියාත්මක වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දී ඇත.
විදුලිබල සැපයුම් පද්ධතියේ මුල්ලේරියාව උපපොළ ආශ්‍රිතව සිදු කෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් අඹතලේ ජල පවිත්‍රාගාරයට අවශ්‍ය විදුලි සැපයුම තාවකාලිකව නවතා දැමීමට නියමිත බව එම මණ්ඩලය සඳහන් කරයි.
එමෙන්ම, දෙහිවල ජල පොම්පාගාරය සහ මාළිගාවත්ත “එලි හවුස්” පොම්පාගාරය ආශ්රිත විදුලි පද්ධතියේ වැඩිදියුණු කිරීමේ කටයුතුද එදිනම සිදු කිරීමට සැලසුම් කර ඇති බව ද දැනුම් දී ඇත.
ඒ අනුව කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශ සමඟ බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ, නාවල, කොළොන්නාව, IDH, කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, කඩුවෙල, මහරගම, බොරලැස්ගමුව සහ පිළියන්දල යන ප්‍රදේශවලට එම කාලය තුළ ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.
අදාළ පැය 12ක කාලය සඳහා අවශ්‍ය ජලය පෙර සූදානම් කර තබා ගන්නා ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලා සිටී.


