― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඑංගලන්ත කාන්තා පිල ලෝක කුසලාන අවසන් මහා තරගයට

එංගලන්ත කාන්තා පිල ලෝක කුසලාන අවසන් මහා තරගයට

කාන්තා T20 ලෝක කුසලාන තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයෙන් දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම ලකුණු 40කින් පරාජය කළ එංගලන්ත කාන්තා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

ලන්ඩනයේ ඕවල් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 169ක් ලබා ගත්තේය.

එහිදී නායිකා නැට් ස්කයිවර්-බ්‍රන්ට් පන්දු 47කදී හතරේ පහර 11ක් සහ එක් හයේ පහරක් සමඟ නොදැවී ලකුණු 75ක් ලබා ගනිමින් ඉනිමේ ඉහළම ලකුණු ලාභිනිය වූ අතර හෙදර් නයිට් ලකුණු 58ක් රැස් කළාය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 129ක් පමණි.

දකුණු අප්‍රිකානු ඉනිමේදී ටස්මින් බ්‍රිට්ස් ලකුණු 51ක් ලබා ගත් අතර නායිකා ලෝරා වොල්වාර්ඩ්ට් ලකුණු 17කට සීමා විය.

පන්දු යැවීමේදී එංගලන්තය වෙනුවෙන් ලෝරන් බෙල් සහ චාලි ඩීන් කඩුලු දෙක බැගින් දවා ගනිද්දී ලින්සි ස්මිත් එක් කඩුල්ලක් බිඳ හෙළීය.