― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅපනයන සහයෝගීතාව ශක්තිමත් කරන්න නව ගිවිසුමක්

අපනයන සහයෝගීතාව ශක්තිමත් කරන්න නව ගිවිසුමක්

මෙරට අපනයන ක්ෂේත්‍රය තවදුරටත් ශක්තිමත් කිරීම සහ අපනයනකරුවන්ට ජාත්‍යන්තර වෙළඳපොළ තුළ වැඩි අවස්ථා හිමි කරදීමේ අරමුණින් නව සහයෝගීතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.

මෙම ගිවිසුම මඟින් ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධනයට සහාය වීම, වෙළඳපොළ ප්‍රවේශය පුළුල් කිරීම සහ දෙපාර්ශ්වය අතර දිගුකාලීන සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම අපේක්ෂා කරන බව සඳහන්.

නව ගිවිසුමට අත්සන් තබා ඇත්තේ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ජර්මනියේ ආනයන ප්‍රවර්ධන කවුළුව අතරයි.

මෙරට අපනයනකරුවන්ට යුරෝපා වෙළඳපොළට ප්‍රවේශ වීම පහසු කරදීම සහ ජාත්‍යන්තර තරගකාරීත්වය ඉහළ නැංවීම සඳහා ජර්මනියේ ආනයන ප්‍රවර්ධන කවුළුව වැදගත් දායකත්වයක් ලබාදෙන බවද සඳහන්.

මේ අතර, මෙම නව හවුල්කාරීත්වය විශේෂයෙන් ස්වභාවික අමුද්‍රව්‍ය අංශයේ සැලකිය යුතු ප්‍රගතියක් ඇති කිරීමට දායක වී ඇති බව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා ප්‍රකාශ කළා.