පාකිස්තානයේ බස් රථ අනතුරකින් 40ක් මරුට, 11කට තුවාල
පාකිස්තානයේ සිදුවූ දරුණු බස් රථ අනතුරකින් පුද්ගලයින් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් 11 දෙනෙකු තුවාල ලබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වාර්තා අනුව, අධිවේගී මාර්ගයක ගමන් කරමින් තිබූ බස් රථය පාලනයෙන් ගිලිහී පාෂාණමය මිටියාවතකට පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇතැයි එරට බලධාරීන් සඳහන් කර තිබේ.
අනතුරට ලක්වූ බස් රථය පාකිස්තානයේ ක්වේටා නගරයේ සිට පෙෂාවර් බලා ධාවනය වෙමින් තිබූ එකක් බව ද වැඩිදුරටත් වාර්තා වේ.


