― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවසරකට ලක්ෂ 13කට අධික පිරිසක් අනතුරු නිසා රෝහල් ගත කරනවා

වසරකට ලක්ෂ 13කට අධික පිරිසක් අනතුරු නිසා රෝහල් ගත කරනවා

වසරකට ලක්ෂ 13කට අධික පිරිසක් අනතුරු නිසා රෝහල් ගතකරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

සෑම දිනකම අනතුරු හේතුවෙන් විස්සත් තිහත් අතර පිරිසක් රෝහල්ගත කරන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

11වන ජාතික අනතුරු නිවාරණ සහිත අද(06) සිට ලබන 10 වනදා දක්වා ක්‍රියාත්මක කෙරෙනවා.

මෙහි සමාරම්භක උත්සවය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා.

ජනතාව අතර අනතුරු නිවාරණය පිළිබඳ දැනුම වර්ධනය මෙම වැඩසටහනේ අරමුණයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය ජාතික අනතුරු වැළැක්වීම පිළිබද උපදේශක කමිටුවේ මග පෙන්වීම යටතේ මෙය සංවිධාන කර තිබුණා.

ඒ අනුව අද දිනය වෙන්කර ඇත්තේ මාර්ග අනතුරු වැළැක්වීමේ දිනය ලෙසයි.

හෙට සේවා ස්ථානවල අනතුරු වැළැක්වීමේ දිනය ලෙස නම්කර තිබෙනවා.

නිවෙස් හා වැඩිහිටි නිවාසවල අනතුරු වැළැක්වීමේ දිනය ලෙස අනිද්දා දිනය නම්කර තිබෙනවා.

ජූලි 9 දියේ ගිලීම්වලින් සිදුවන අනතුරු වැළැක්වීමේ දිනයයි.

ජූලි 10 වනදා පාසල්පෙර පාසල් හා දිවාසුරැකුම් මධ්‍යස්ථානවල අනතුරු වැළැක්වීමේ දිනය ලෙසයි නම් කර තිබෙන්නේ.