― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsහරස් කරලා වහන්න ඕනි පීඩිත ජනතාව යන පාර නෙවෙයි

හරස් කරලා වහන්න ඕනි පීඩිත ජනතාව යන පාර නෙවෙයි

ඉන්ධන මිල වැඩි වීම, අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යෑම ඇතුළු මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ පා සිටින ආර්ථික අර්බුදය හේතුවෙන් රට පුරා සෑම දිනකම පාහේ මාර්ග හරස් කරමින්, මැති ඇමතිවරුන්ගේ නිවෙස් වටලමින් ජනතාව විරෝධතාවල නිරත වීම ඔබට මට අරුමයක් නොවේ.

සෑම පැත්තෙන්ම තැලෙන අහිංසක මිනිසුන්ට පීඩනය දරාගත නොහැකි තැන ඔවුන් පාරට බැස විරෝධතා දක්වනවා වෙන්නට පුළුවන. මෙම අර්බුදය එම ජනතාවට පමණක නොව ඔබගේත් මගේත් මුදල් පසුම්බියට හොඳින් දැනෙනා මානුෂීය කාරණාවක් බව අපි දනිමු.

මෙලෙස තැන තැන මාර්ග හරස් කරමින් විරෝධතා දැක්වීමෙන් පීඩාවට පත්වන්නේ කාලකන්නි දේශපාලුවන් නොව ඔබත් මමත් මෙන්ම් මෙම අරගලයේ යෙදෙන අහිංසක මිනිසුන්ම පමණක් බව අප වටහා ගත යුතුය.

ඒ මක්නිසාද යත් අරගලයේ සැබෑ ජයග්‍රහණය වන්නේ සාමාන්‍ය ජනතාව පීඩාවට පත් කිරීමෙන් නොව රට මේ ආකාරයට කාබාසිනියා කළ පාදඩ දේශපාලුවන් ගෙදර යැවූ දවසටය.

සාම්ප්‍රාදායික ක්‍රමවලින් බැහැර වී අරගලයේ සැබෑ ජයග්‍රහණයක් ලබන්නට නම් ඔබත් මමත් වෙනස් ආකාරයට සිතිය යුතු කාලය එලැඹ ඇත.