― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsභූමිතෙල් දාලා දුවන බස් අල්ලන මෙහෙයුම දිවයිනේ ස්ථාන කිහිපයකදී

භූමිතෙල් දාලා දුවන බස් අල්ලන මෙහෙයුම දිවයිනේ ස්ථාන කිහිපයකදී

භූමිතෙල් භාවිතයෙන් ධාවනය කළ බස් රථ රැසක් පොලිස් වැටලීම්වලදී හඳුනාගනී

භූමිතෙල් භාවිත කරමින් ධාවනය කරන බස් රථ සොයා දිවයිනේ ප්‍රදේශ කිහිපයක පොලිසිය විසින් විශේෂ වැටලීම් මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති අතර, එහිදී එවැනි බස් රථ කිහිපයක් හඳුනාගෙන නීතිමය පියවර සඳහා යොමු කර තිබේ.

රත්නපුර නගරය කේන්ද්‍ර කරගෙන රත්නපුර පොලිස් රථවාහන අංශය සිදු කළ වැටලීමකදී භූමිතෙල් යොදා ධාවනය කළ බවට සැක කෙරෙන බස් රථ පහක් අනාවරණය කරගෙන ඇත.

පොලිස් නිලධාරීන් සඳහන් කළේ, බස් රථ නිෂ්පාදකයා විසින් නියම කර ඇති ඉන්ධන වර්ගය හැර වෙනත් ඉන්ධන භාවිත කිරීම හෝ ඉන්ධන මිශ්‍ර කර ධාවනය කිරීම නීතිවිරෝධී ක්‍රියාවක් බවයි.

මේ අතර, අම්බලන්ගොඩ පොලිසිය ද එවැනි වාහන සොයා විශේෂ වැටලීමක් ක්‍රියාත්මක කර තිබේ. එහිදී ගාල්ල–කොළඹ සහ අම්බලන්ගොඩ–ඇල්පිටිය ප්‍රධාන මාර්ගවල ධාවනය වූ භූමිතෙල් භාවිත කළ බවට සැක කෙරෙන බස් රථ හතරක් හඳුනාගෙන ඇත.

එම බස් රථවල හිමිකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.