― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිශ්‍රාම වැටුප් ප්‍රමාදය අවසන් කිරීමට නව මඟක්

විශ්‍රාම වැටුප් ප්‍රමාදය අවසන් කිරීමට නව මඟක්

විශ්‍රාම වැටුප් ප්‍රමාදයන් අවම කිරීමට රාජ්‍ය නිලධාරීන්ට මාර්ගගත දැනුවත් කිරීමේ සැසි හෙට සිට

රාජ්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප් ලබා ගැනීමේදී ඇතිවන ප්‍රමාදයන් අවම කිරීමේ අරමුණින්, ඉදිරි මාස හය තුළ විශ්‍රාම ගැනීමට නියමිත සියලුම රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ මාර්ගගත (Online) දැනුවත් කිරීමේ සැසි මාලාවක් හෙට (09) සිට ආරම්භ කරන බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

විශ්‍රාම වැටුප නියමිත කාලයට හා කිසිදු ප්‍රමාදයකින් තොරව ලබා ගැනීම සෑම රාජ්‍ය නිලධාරියෙකුගේම අයිතිවාසිකමක් බව සඳහන් කරන දෙපාර්තමේන්තුව, එම අයිතිය ආරක්ෂා කරමින් විශ්‍රාම දිවිය සාර්ථකව ආරම්භ කිරීමට අවශ්‍ය මඟපෙන්වීම් ලබාදීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ බව පෙන්වා දෙයි.

මෙම දැනුවත් කිරීමේ සැසිවලදී විශ්‍රාම වැටුප් ක්‍රියාවලියේදී ප්‍රමාදයන් ඇති නොවීම සඳහා නිලධාරීන් විසින් ඉටු කළ යුතු වගකීම් සහ ඔවුන්ගේ භූමිකාව පිළිබඳව පුළුල් දැනුවත් කිරීමක් සිදු කෙරේ.

එමෙන්ම, විශ්‍රාම වැටුප් අයදුම්පත් නිවැරදිව සම්පූර්ණ කරන ආකාරය, අවශ්‍ය ලියකියවිලි කල්තියා සූදානම් කර ගැනීම, සහ විශ්‍රාම වැටුප් ලබා ගැනීමේදී සිදුවිය හැකි ප්‍රමාදයන් අවම කර ගැනීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද සහභාගිවන්නන්ට සවිස්තරාත්මක දැනුමක් ලබාදීමට නියමිතය.

මෙම වැඩසටහනේ පළමු මාර්ගගත සැසිය හෙට (09) පෙරවරු 9.30 සිට පෙරවරු 11.30 දක්වා Microsoft Teams මෘදුකාංගය ඔස්සේ පැවැත්වේ.

සැසියට එක්වීම සඳහා පහත තොරතුරු භාවිත කළ හැකිය.

Meeting ID: 466 100 162 633 06

Passcode: yH6Z69BL

අදාළ Microsoft Teams සබැඳිය මඟින් ද සැසියට සම්බන්ධ විය හැකිය.

තවද, රාජ්‍ය නිලධාරීන්ගේ අවශ්‍යතා සැලකිල්ලට ගනිමින් ඉදිරියේදී දෙමළ මාධ්‍යයෙන් ද මෙවැනි දැනුවත් කිරීමේ සැසියක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එබැවින්, නුදුරේදී විශ්‍රාම ගැනීමට නියමිත සියලුම රාජ්‍ය නිලධාරීන් මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන තම විශ්‍රාම ජීවිතය සඳහා කල්තියා සූදානම් වන ලෙස ද විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.