― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෙහෙම විපක්ෂ නායක කෙනෙක් ලැබිච්ච එක අපට ෂෝක්

මෙහෙම විපක්ෂ නායක කෙනෙක් ලැබිච්ච එක අපට ෂෝක්

විපක්ෂ නායකවරයාගේ කතාවට අමාත්‍ය සුනිල් හඳුන්නෙත්තිගෙන් දැඩි විවේචනයක්

මෙවැනි විපක්ෂ නායකවරයෙකු ලැබීම පිළිබඳ ආණ්ඩු පක්ෂය ලෙස සතුටු වන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා සඳහන් කළේ, මේ වනවිට පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට ලක්වන්නේ රටට වැදගත් අණ පනත් කිහිපයක් සම්බන්ධයෙන් බවයි. එහෙත් විපක්ෂ නායකවරයා එම පනත් පිළිබඳව කිසිදු අදහසක් ඉදිරිපත් නොකර බන්ධනාගාර සම්බන්ධ කරුණු පිළිබඳ පමණක් දීර්ඝ ලෙස අදහස් දැක්වූ බව ඔහු පැවසීය.

වචන භාවිත කිරීම පමණක් නොව, අදාළ විෂය කරුණු පිළිබඳව ගැඹුරින් සාකච්ඡා කිරීමේ වැදගත්කමක් පවතින බවත්, විපක්ෂ නායකවරයාගේ කතාව තුළ එවැනි බරක් තමන්ට නොපෙනෙන බවත් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය.

රටේ දේශපාලන සංස්කෘතිය පිරිසිදු කිරීම සඳහා අවශ්‍ය මූලික අණ පනත් කිහිපයක් පිළිබඳව අද සාකච්ඡා කෙරෙන බවද ඔහු පැවසීය.

පසුගිය දශක කිහිපය තුළ ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් අප්‍රසාදයට පත්වූ අවස්ථා තිබූ බවත්, එම තත්ත්වයෙන් රට මුදා ගැනීම සඳහා ඉදිරිපත් කෙරෙන නීතිමය වැඩපිළිවෙළ පිළිබඳ අවධානය යොමු කළ යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

එවැනි වැදගත් අවස්ථාවකදී විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශ අදාළ මාතෘකාවෙන් බැහැර වූ කරුණු බව පෙනී යන බවද සුනිල් හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් කියා සිටියේය.