― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමෙන්න මේ සිසුන්ට ජනපති අරමුදලින් ශිෂ්‍යාධාර

මෙන්න මේ සිසුන්ට ජනපති අරමුදලින් ශිෂ්‍යාධාර

ආබාධ සහිත විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් “සරසවි දිරියෝ අභිමන්” ශිෂ්‍යාධාර වැඩසටහන ඇරඹේ

ජනාධිපති අරමුදල මගින් ආබාධ සහිත විශ්වවිද්‍යාල සිසුන් සඳහා “සරසවි දිරියෝ අභිමන්” නමින් නව ශිෂ්‍යාධාර වැඩසටහනක් ආරම්භ කර තිබේ.

ශාරීරික ආබාධ තම අධ්‍යාපන කටයුතුවලට බාධාවක් කර නොගෙන ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන සිසුන් වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන අතර, එක් සිසුවෙකු සඳහා රුපියල් ලක්ෂයක ශිෂ්‍යාධාර මුදලක් ලබාදීමට නියමිතය.

මෙම වැඩසටහනේ සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් සෙනසුරාදා (11) අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබන සියලුම ආබාධ සහිත සිසුන් මෙම වැඩසටහන යටතේ ඇගයීමට ලක් කෙරෙනු ඇත.

“සරසවි දිරියෝ අභිමන්” වැඩසටහනේ සමාරම්භක අවස්ථාවේදී ආබාධ සහිත විශ්වවිද්‍යාල සිසුන් 254 දෙනෙකු ඇගයීමට ලක් කිරීමට නියමිත අතර, මේ සඳහා සුදුසුකම් ලබා ඇති සමස්ත සිසුන් සංඛ්‍යාව 400කට ආසන්න බව සඳහන් වේ.

කොළඹට පැමිණීමේදී උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල සිසුන්ට ඇතිවන අපහසුතා සැලකිල්ලට ගනිමින් එම පළාත් සඳහා අදාළ වැඩසටහන් අගෝස්තු මාසයේදී පැවැත්වීමටද සැලසුම් කර තිබේ.