― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසිසුවියට චොකලට් 18ක් කැවූ විදුහල්පති

සිසුවියට චොකලට් 18ක් කැවූ විදුහල්පති

විදුහල්පතිවරයා චොකලට් 18ක් කැවූ බව කියන 15 හැවිරිදි සිසුවිය රෝහල්ගත කෙරේ

විදුහල්පතිවරයකු විසින් චොකලට් 18ක් කැවූ බවට පැවසෙන සිදුවීමක් සම්බන්ධයෙන් 15 හැවිරිදි ශිෂ්‍යාවක් ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

පොලිසිය සඳහන් කළේ මෙලෙස රෝහල්ගත කර ඇත්තේ බදුල්ල ප්‍රදේශයේ පාසලක අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවක් බවයි.

අදාළ ශිෂ්‍යාවගේ 15 වන උපන් දිනය පෙරේදා (08) දිනට යෙදී තිබී ඇති අතර, එය සැමරීම සඳහා ඇය රැගෙන ආ රුපියල් 10ක් වටිනා චොකලට් 18ක් විදුහල්පතිවරයා විසින් ඇයට කවා ඇති බවට තොරතුරු වාර්තා වේ.

එම සිදුවීමෙන් පසුව ශිෂ්‍යාවට අසනීප තත්ත්වයක් ඇතිවීම හේතුවෙන් ඇය මුලින්ම කහටරුප්ප ග්‍රාමීය රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබේ.

මේ සම්බන්ධයෙන් කහටරුප්ප පොලිසිය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර ඇත.

බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජේසේන සහ සහකාර පොලිස් අධිකාරි වේහිත දේශප්‍රිය යන මහත්වරුන්ගේ උපදෙස් මත කහටරුප්ප පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පාලිත චන්ද්‍රසේකර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම විමර්ශන සිදුකරමින් පවතී.