― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඩොලර් බිලියන 1.5ක ආදායමක්

ඩොලර් බිලියන 1.5ක ආදායමක්

2026 වසරේ සංචාරක පැමිණීම් ලක්ෂ 12කට ආසන්නයි – විදේශ විනිමය ආදායම ඩොලර් බිලියන 1.5 ඉක්මවයි

2026 වසරේ මේ දක්වා ගතවූ කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 12කට ආසන්න වී ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා සඳහන් කර තිබේ.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

එමෙන්ම, මෙම වසරේ මේ දක්වා සංචාරක කර්මාන්තය හරහා මෙරටට අමෙරිකානු ඩොලර් බිලියන 1.5කට වැඩි විදේශ විනිමය ආදායමක් උපයා ගැනීමට හැකිවී ඇති බවද ඔහු පැවසීය.

ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ දක්නට ලැබෙන යහපත් වර්ධනයත් සමඟ 2026 වසර සඳහා සැලසුම් කර ඇති මිලියන 2.5ක සංචාරක පැමිණීමේ ඉලක්කය සපුරා ගැනීමට හැකිවනු ඇති බවට විශ්වාසය පළ කරන බවද සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.