චීන පාවහන් කර්මාන්ත ශාලාවක ගින්නකින් 28 දෙනෙකු මරුට
චීනයේ කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ගිනිකොණ දිග චීනයේ ජින්ජියෑන්ග් නගරයේ පිහිටි පාවහන් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක මෙම ගින්න හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ගින්න හටගත් අවස්ථාවේදී කළු පැහැති ඝන දුමාරයක් සමඟ ගින්න ඉතා වේගයෙන් පැතිර ගිය බවයි චීන මාධ්‍ය සඳහන් කරන්නේ.
ගින්නෙන් පසු ගොඩනැගිල්ලේ ඉහළම මහලේ සිටි සේවකයින් පිරිසක් ඉන් පිටතට පැමිණීමට නොහැකිව සිරවී සිට ඇති බවටද වාර්තා වනවා.
මෙම සිදුවීමෙන් විශාල ජීවිත හානියක් සිදුව ඇති බව චීන ජනාධිපති ෂී ජින්පින්ග් ප්‍රකාශ කර තිබෙනවා.
එමෙන්ම ගින්නට හේතු වූ කරුණු සම්බන්ධයෙන් වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.
ජින්ජියෑන්ග් නගරය චීනයේ “පාවහන් අගනුවර” ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති අතර, ලොව ක්‍රීඩා සපත්තු නිෂ්පාදනයෙන් සියයට 20කට ආසන්න ප්‍රමාණයක් මෙම ප්‍රදේශයේ නිෂ්පාදනය වන බව සඳහන්.


