වෙනිසියුලාවට බලපෑ දැවැන්ත භූකම්පනය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 4,333 දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මියගිය පුද්ගලයින් අතරින් 315 දෙනෙකුගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු කර ගැනීමට හැකි වී නොමැති බවද සඳහන් වේ.
මෙම ව්‍යසනය හේතුවෙන් පුද්ගලයින් 16,740 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර, සුන්බුන් අතර සිරවී සිටි 6,462 දෙනෙකු මේ වනවිට බේරාගෙන ඇති බවද වාර්තා වේ.
එමෙන්ම භූකම්පනය හේතුවෙන් පුද්ගලයින් 17,000කට ආසන්න පිරිසකට නිවාස අහිමි වී ඇති අතර, විපතට පත් ජනතාව සඳහා නව නිවාස ලබාදීමේ වැඩසටහන ලබන සතියේ සිට ආරම්භ කිරීමට නියමිත බවද වාර්තා සඳහන් කරයි.
භූකම්පනයෙන් ගොඩනැගිලි 856කට හානි සිදුව ඇති අතර, ඉන් 190ක් සම්පූර්ණයෙන්ම කඩා වැටී ඇති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.


