― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි

ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි

2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට ආර්ජන්ටිනා කණ්ඩායම සමත්ව තිබේ.

අර්ධ අවසන් පූර්ව තරගයේදී ස්විට්සර්ලන්ත කණ්ඩායම ගෝල 3-1ක් ලෙස පරාජය කරමින් ආර්ජන්ටිනාව මෙම ජයග්‍රහණය හිමිකර ගත්තේය.

තරගයේ 10 වැනි මිනිත්තුවේදී මැක් ඇලිස්ටර් ගෝලයක් වාර්තා කරමින් ආර්ජන්ටිනාව ඉදිරියට රැගෙන ගියේය.

කෙසේ වෙතත්, 67 වැනි මිනිත්තුවේදී ඩැන් නොඩ්යේ ස්විට්සර්ලන්තය වෙනුවෙන් ගෝලයක් ලබාගනිමින් තරගය සම කළේය.

නියමිත කාලය අවසන් වනවිට කණ්ඩායම් දෙකම එක් ගෝලය බැගින් ලබා සිටීම හේතුවෙන් ජයග්‍රාහකයා තීරණය කිරීම සඳහා අමතර කාලයක් ලබාදීමට සිදුවිය.

එහිදී 112 වැනි මිනිත්තුවේදී ජූලියන් අල්වර්සී සහ 121 වැනි මිනිත්තුවේදී ලෞටාරෝ මාටිනස් ගෝල වාර්තා කරමින් ආර්ජන්ටිනාවට විශිෂ්ට ජයක් හිමිකර දුන්හ.

මෙම ජයග්‍රහණයත් සමඟ ආර්ජන්ටිනාව ලබන 16 වැනිදා එංගලන්තය සමඟ පැවැත්වෙන අවසන් පූර්ව තරගයට එක්වීමට නියමිතය.