― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsBusinessසංචාරක ආදායම පහළ යයි – විදෙස් ප්‍රේෂණවල සමස්ත වර්ධනයක්

සංචාරක ආදායම පහළ යයි – විදෙස් ප්‍රේෂණවල සමස්ත වර්ධනයක්

මෙරට සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ආදායම පසුගිය වසරේ මුල් මාස හය සමඟ සැසඳීමේදී මේ වසරේ එම කාලය තුළ යම් පහළ යෑමක් පෙන්නුම් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මහ බැංකු වාර්තාවට අනුව, මේ වසරේ ජනවාරි සිට ජුනි මාසය දක්වා කාලය තුළ සංචාරක කර්මාන්තයෙන් මෙරටට ලැබී ඇති ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,511.1ක් ලෙස වාර්තා වී තිබේ.

එහෙත් පසුගිය වසරේ ජනවාරි සිට ජුනි දක්වා වූ මාස හයක කාලය තුළ සංචාරක කර්මාන්තයෙන් උපයා තිබූ ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,712.6ක් බව මහ බැංකු වාර්තාවේ දැක්වේ.

මේ අතර පසුගිය මැයි මාසයේදී සංචාරක කර්මාන්තයෙන් මෙරටට ලැබුණු ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 155.7ක් වූ අතර, ජුනි මාසයේදී එය සුළු අඩුවීමක් පෙන්නුම් කරමින් අමෙරිකානු ඩොලර් මිලියන 151.1ක් ලෙස වාර්තා වී ඇත.

එමෙන්ම පසුගිය වසරේ ජුනි මාසය හා සැසඳීමේදීද මේ වසරේ ජුනි මාසයේ සංචාරක ආදායමේ පහළ යෑමක් දක්නට ලැබෙන බව මහ බැංකුව පෙන්වා දෙයි.

පසුගිය වසරේ ජුනි මාසයේදී පමණක් සංචාරක කර්මාන්තයෙන් මෙරටට ලැබුණු ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 169.5ක් ලෙස සටහන් වී තිබුණි.

මේ අතර, විදෙස් ප්‍රේෂණ ලැබීම් සම්බන්ධයෙන්ද මැයි මාසයට සාපේක්ෂව ජුනි මාසයේදී අඩුවීමක් වාර්තා වී තිබේ.

මහ බැංකු දත්ත අනුව, පසුගිය මැයි මාසයේදී විදෙස් ප්‍රේෂණ ලෙස මෙරටට අමෙරිකානු ඩොලර් මිලියන 847ක් ලැබී ඇති අතර, ජුනි මාසයේදී එම අගය අමෙරිකානු ඩොලර් මිලියන 695ක් දක්වා පහළ ගොස් තිබේ.

ඒ අනුව මැයි මාසයට සාපේක්ෂව ජුනි මාසයේදී විදෙස් ප්‍රේෂණ ලැබීම් අමෙරිකානු ඩොලර් මිලියන 152කින් අඩු වී ඇති බව මහ බැංකු වාර්තාව සඳහන් කරයි.

කෙසේ වෙතත්, පසුගිය වසරේ මුල් මාස හය සමඟ සැසඳීමේදී මේ වසරේ එම කාලය තුළ මෙරටට ලැබුණු විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයේ සමස්ත වර්ධනයක් පෙන්නුම් කරයි.

ඒ අනුව පසුගිය වසරේ ජනවාරි සිට ජුනි දක්වා කාලය තුළ විදෙස් ප්‍රේෂණ ලෙස අමෙරිකානු ඩොලර් මිලියන 3,738ක් ලැබී ඇති අතර, මේ වසරේ එම කාලය තුළ එම ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 4,604.8ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව මේ වසරේ මුල් මාස හය තුළ විදෙස් ප්‍රේෂණ ලැබීම් අමෙරිකානු ඩොලර් මිලියන 866.8කින් ඉහළ ගොස් ඇති බව මහ බැංකු වාර්තාවේ සඳහන් වේ.