― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඩෙංගු තත්ත්වය හේතුවෙන් වසා තිබූ සෞන්දර්ය විශ්වවිද්‍යාලය හෙට සිට යළි විවෘතයි

ඩෙංගු තත්ත්වය හේතුවෙන් වසා තිබූ සෞන්දර්ය විශ්වවිද්‍යාලය හෙට සිට යළි විවෘතයි

ඩෙංගු ව්‍යාප්තිය හේතුවෙන් සති දෙකක කාලයක් වසා තැබූ කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය හෙට (13) සිට යළි විවෘත කිරීමට එහි පාලනාධිකාරිය තීරණය කර ඇත.

විශ්වවිද්‍යාලය නැවත විවෘත කිරීමට පෙර, ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව අද (12) දිනයේ විශ්වවිද්‍යාල පරිශ්‍රය පුරා පිරිසිදු කිරීමේ කටයුතු සහ දූමායන වැඩසටහන් ක්‍රියාත්මක කර තිබේ.

මේ අතර, මෙම වසර තුළ මේ දක්වා ඩෙංගු රෝගීන් 67,000කට වැඩි පිරිසක් හඳුනාගෙන ඇති අතර, එම රෝගය හේතුවෙන් පුද්ගලයන් 47 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

ඩෙංගු ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යමින් පවතින බැවින්, මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන යන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.

ඩෙංගු පාලනය කිරීමේ අරමුණින් අද (12) දිනයේද දිවයිනේ ප්‍රදේශ රැසක ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙමින් පවතී.

එමෙන්ම, බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි නිවාසයක මදුරු කීටයන් හඳුනා ගැනීමෙන් අනතුරුව, එම ආයතනයට එරෙහිව නඩු පැවරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පියවර ගෙන ඇත.