― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසැප රියෙන් ගේම දුන් තරුණ යුවළ කොටුවෙයි

සැප රියෙන් ගේම දුන් තරුණ යුවළ කොටුවෙයි

සුඛෝපභෝගී මෝටර් රථයකින් අයිස් මත්ද්‍රව්‍ය රැගෙන ගිය තරුණ යුවළක් අත්අඩංගුවට

සුඛෝපභෝගී මෝටර් රථයක් භාවිත කරමින් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැකපිට තරුණ යුවළක් පොළොන්නරුව, 28 කණුව ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 24ක් සහ 22ක් වන තරුණයෙකු හා තරුණියකි. ඔවුන් කටාන සහ කුලියාපිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කරයි.

පොළොන්නරුව දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලැබුණු රහසිගත තොරතුරක් මත සිදුකළ විශේෂ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

එහිදී සැකකාර තරුණයා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 27ක් සහ තරුණිය සන්තකයේ තිබී අයිස් මිලිග්‍රෑම් 6,310ක් සොයාගෙන ඇති බව පොලීසිය පවසයි.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා භාවිත කළ බවට සැක කෙරෙන අදාළ මෝටර් රථයද පොලිස් භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සොයාගත් නඩු භාණ්ඩ පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.