යේමනයේ හූති සංවිධානය සෞදි අරාබියේ අභා ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉලක්ක කර ගනිමින් බැලස්ටික් මිසයිල සහ ඩ්‍රෝන යානා යොදා ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම සංවිධානය පවසන්නේ, සෞදි අරාබිය විසින් යේමනයේ සනා ජාත්‍යන්තර ගුවන්තොටුපොළට එල්ල කළ ගුවන් ප්‍රහාරවලට ප්‍රතිචාරයක් ලෙස මෙම ප්‍රහාරය සිදු කළ බවයි.
මෙම සිදුවීමත් සමඟ සෞදි අරාබිය සහ ඉරානයේ සහාය ලබන හූති සන්නද්ධ සංවිධානය අතර වසර හතරකට ආසන්න කාලයක් පවත්වාගෙන ගිය සටන් විරාමය බිඳ වැටී ඇති බවද වාර්තා වේ.
2022 මාර්තු මාසයේදී සෞදි අරාබියේ බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කර හූති සංවිධානය එල්ල කළ ප්‍රහාරවලින් පසුව දෙපාර්ශ්වය අතර සටන් විරාමයක් ඇති කරගෙන තිබුණි. එම සටන් විරාමයෙන් අනතුරුව සෞදි අරාබියට එරෙහිව එල්ල කළ බවට හූති සංවිධානය වගකීම භාරගත් පළමු ප්‍රහාරය ලෙසද මෙය සැලකේ.


