― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමීගමුව බන්ධනාගාර නිලධාරියාට ආරක්ෂාව සඳහා සේවා මාරුවක්

මීගමුව බන්ධනාගාර නිලධාරියාට ආරක්ෂාව සඳහා සේවා මාරුවක්

මීගමුව බන්ධනාගාරය තුළ රැඳවියන්ගේ ප්‍රාණ ඇපයට පත්ව අමානුෂික ලෙස පහරකෑම්වලට ලක්වෙමින් සිටි තම සහෝදර නිලධාරීන් මුදා ගැනීමට කටයුතු කළ බන්ධනාගාර නිලධාරියෙකුට සේවා මාරුවක් ලබා දී තිබේ.

රැඳවියන් විසින් බන්ධනාගාරයේ ප්‍රධාන දොරටුව බිඳ දමා පලායාම වැළැක්වීම සඳහා එම නිලධාරියා වෙඩි තැබීමක් සිදු කර තිබූ අතර, එම සිද්ධියෙන් පසු ඔහුට දිගින් දිගටම මරණීය තර්ජන එල්ල වී ඇති බව වාර්තා වේ.

එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඔහුගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ආරක්ෂිත බන්ධනාගාරයක සේවයට යොමු කිරීමට බලධාරීන් පියවර ගෙන ඇතැයි සඳහන් වේ. මෙම තර්ජන බොහොමයක් ඩුබායි ඇතුළු විදේශ රටවලින් ලැබී ඇති බවටද ආරංචි මාර්ග සඳහන් කරයි.

තම ජීවිතය අවදානමට ලක් කරමින් සහෝදර නිලධාරීන්ගේ ජීවිත බේරා ගැනීමටත්, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ගෞරවය ආරක්ෂා කිරීමටත් කටයුතු කළ මෙම නිලධාරියාට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබාදිය යුතු බව බන්ධනාගාර නිලධාරීහු පවසති.