කටාර් රාජ්‍යයේ හිටපු නායකයා සහ “Father Emir” ලෙස ගෞරවයට පාත්‍ර වූ ෂෙයික් හමාඩ් බින් කලීෆා අල් තානි මහතාගේ අභාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සහ ජනතාව වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද (14) පස්වරුවේ කටාර් රාජ්‍යය වෙත පිටත්ව ගොස් තිබේ.
මෙම නිල සංචාරය ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍යය අතර දීර්ඝකාලීන මිත්‍රත්වය හා සහයෝගීතාවය යළිත් තහවුරු කිරීමේ අවස්ථාවක් වන අතර, දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව දක්වන කැපවීම ද එමඟින් අවධාරණය කෙරෙන බව සඳහන් වේ.


