අස්වැසුම සුබසාධක ප්රතිලාභ යෝජනා ක්රමයට අදාළ 2026 ජූලි මාසයේ ප්රතිලාභ මුදල් අද (15) දිනයේ ප්රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කරන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය දැනුම් දී තිබේ.
ඒ අනුව, පළමු අදියර යටතේ ප්රතිලාභ ලබාගන්නා පවුල් 1,012,812ක් සඳහා රුපියල් 9,357,346,250ක මුදලක් (රුපියල් බිලියන 9.36කට ආසන්න) අද බැංකු ගිණුම්වලට බැර කිරීමට නියමිතය.
එමෙන්ම දෙවැනි අදියර යටතේ තවත් ප්රතිලාභී පවුල් 211,647ක් සඳහා රුපියල් 2,468,250,000ක මුදලක් (රුපියල් බිලියන 2.47කට ආසන්න) අදාළ අස්වැසුම බැංකු ගිණුම් වෙත අද දිනයේම බැර කෙරෙන බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය සඳහන් කර ඇත.
ඒ අනුව, අද දිනය තුළ අදියර දෙක යටතේ පවුල් 1,224,459ක් සඳහා රුපියල් 11,825,596,250ක (රුපියල් බිලියන 11.83කට ආසන්න) අස්වැසුම ප්රතිලාභ මුදලක් ගෙවීමට නියමිතය.


