― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsආසියාවේ දීර්ඝතම වාරි උමගේ කැනීම් අවසන් 

ආසියාවේ දීර්ඝතම වාරි උමගේ කැනීම් අවසන් 

උතුරු මැද මහ ඇළ ව්‍යාපෘතියේ ප්‍රධාන අදියරක් සම්පූර්ණ කරමින්, කිලෝමීටර් 27.7ක් දිගින් යුත් දකුණු ආසියාවේ දීර්ඝතම වාරිමාර්ග උමගේ කැනීම් කටයුතු අද (15) නිල වශයෙන් අවසන් කර තිබේ.

මහවැලි මහ සැලැස්මේ අවසන් අදියරේ කොටසක් ලෙස ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය, අවසන් වූ පසු උතුරු මැද සහ උතුරු පළාත්වල පානීය ජලය, කෘෂිකාර්මික වාරි ජලය ඇතුළු ජල අවශ්‍යතා සපුරාලීම සඳහා වැදගත් දායකත්වයක් ලබා දීමට නියමිතය.

මහවැලි මහ සැලැස්ම 1968 වසරේදී හඳුන්වා දුන් අතර, 1977 වසරේ සිට කඩිනම් මහවැලි සංවර්ධන වැඩසටහන යටතේ එහි ක්‍රියාත්මක කිරීම වඩාත් පුළුල් හා වේගවත් ආකාරයෙන් ඉදිරියට ගෙන යනු ලැබීය. එහි අවසන් අදියරේ ප්‍රධාන ව්‍යාපෘතියක් ලෙස මෙම උතුරු මැද මහ ඇළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ.

උමග කැනීම සඳහා විශේෂ TBM (Tunnel Boring Machine) යන්ත්‍ර දෙකක් භාවිතා කර තිබේ. පළමු කැනීම් අදියර 2022 වසරේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ පලුගස්වැව – මහමීගස්වැව ප්‍රදේශයෙන් ආරම්භ වූ අතර, දෙවන අදියර 2023 වසරේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇලහැර – කොදුරුවාව ප්‍රදේශයෙන් ආරම්භ කෙරිණි.

අද එම කැනීම් කටයුතු සම්පූර්ණ කිරීම නිමිත්තෙන් විශේෂ සැමරුම් උත්සවයක් අනුරාධපුර පලුගස්වැව ප්‍රදේශයේදී පෙරවරුවේ පැවැත්විණි.

කිලෝමීටර් 27.7ක් දිග මෙම වාරිමාර්ග උමග හරහා උතුරු ප්‍රදේශයේ හෙක්ටයාර 74,000ක වගාබිම් සඳහා වාරි ජලය සැපයීමට සැලසුම් කර ඇත.

මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීමත් සමඟ වියළි කලාපයේ ජනතාව දිගු කලක් මුහුණ දුන් පානීය ජල ගැටලුවට සැලකිය යුතු සහනයක් ලැබෙනු ඇති අතර, ජනතාව මිලියන 1.5ක පමණ පිරිසකගේ ජල අවශ්‍යතා සපුරාලීමට ද හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එමෙන්ම, රජරට ප්‍රදේශයේ ජනතාව අතර බහුලව වාර්තා වූ හඳුනා නොගත් වකුගඩු රෝගය අවම කිරීමට ද පිරිසිදු ජල සැපයුම හරහා මෙම ව්‍යාපෘතියෙන් යම් දායකත්වයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.