― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsශ්‍රී ලංකා - ඉන්දුනීසියා සබඳතා තවත් ශක්තිමත් කිරීමට නව සාකච්ඡා

ශ්‍රී ලංකා – ඉන්දුනීසියා සබඳතා තවත් ශක්තිමත් කිරීමට නව සාකච්ඡා

ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු ජනරජ තානාපතිනි Dewi Gustina Tobing මහත්මිය ඊයේ (14) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා හමුවී දෙරට අතර සහයෝගීතාව තවදුරටත් වර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡා පැවැත්වීය.

මෙහිදී ශ්‍රී ලංකාව සහ ඉන්දුනීසියාව අතර දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳ අවධානය යොමු කෙරුණු අතර, දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ වී වසර 75ක් සපිරෙන 2027 වසරේ එම සංවත්සරය සැමරීමට සැලසුම් කර ඇති බව ද සිහිපත් කෙරිණි.

දෙරටේ ජනතාව අතර මිත්‍රත්වය සහ අන්‍යෝන්‍ය අවබෝධය තවදුරටත් වර්ධනය කිරීම සඳහා සංස්කෘතික හුවමාරු වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාව සහ සංචාරක ක්ෂේත්‍රය හරහා ජනතා සම්බන්ධතා ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව ද අදහස් හුවමාරු විය.

එමෙන්ම, වෙළෙඳ හා ආර්ථික සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම පිළිබඳව ද සාකච්ඡා පැවැත්වුණු අතර, ශ්‍රී ලංකාවේ රෙදිපිළි සහ ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍ර සමඟ සහයෝගීතාව වැඩිදියුණු කිරීමට ඉන්දුනීසියාව උනන්දුවෙන් පසුවන බව තානාපතිනිය සඳහන් කළාය.

කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ දැනුම, විශේෂඥතාව සහ හොඳ භාවිතයන් හුවමාරු කරගනිමින් දෙරට අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කළ හැකි ආකාර පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

මෙම සාකච්ඡාවට කොළඹ පිහිටි ඉන්දුනීසියානු ජනරජ තානාපති කාර්යාලයේ උපදේශක Yadi Suriahadi මහතා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත මහත්මිය සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ අග්නිදිග හා මධ්‍යම ආසියා අධ්‍යක්ෂ මහේෂ් ප්‍රේමතිලක මහතා ද සහභාගී වූහ.