කටුනායක, දැවමොට්ටාව ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකුට වෙඩි තබා පලාගිය සැකකරු (15) පස්වරුවේ මිනුවන්ගොඩ, දෙවොලපොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
පොලිස් තොරතුරු අනුව, මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් සැකපිට සිටි මෙම පුද්ගලයා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු විසින් ලුහුබැඳ ගොස් අත්අඩංගුවට ගෙන තිබුණි.
ඉන් අනතුරුව සැකකරු පොලිස් ස්ථානය වෙත රැගෙන යාමට කටයුතු සූදානම් කරමින් සිටියදී, සැකකරු පැමිණි යතුරුපැදිය රැගෙන ඒම සඳහා එක් පොලිස් නිලධාරියෙකු එම ස්ථානයෙන් ඉවත්ව ගොස් තිබේ.
එම අවස්ථාව ප්‍රයෝජනයට ගත් සැකකරු, තමා අසල රැඳී සිටි පොලිස් නිලධාරියා සතුව තිබූ රාජකාරි ගිනිඅවිය පැහැරගෙන එම නිලධාරියාට වෙඩි තබා, වෙනත් යතුරුපැදියකින් පලාගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.
පසුව සිදුකළ විමර්ශන සහ සෝදිසි මෙහෙයුම්වලදී සැකකරු මිනුවන්ගොඩ, දෙවොලපොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.


