🚨 ඩෙංගු යළි සීඝ්රයෙන් පැතිරෙයි – රෝගීන් 72,000 ඉක්මවයි
මෙරට තුළ මේ වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සමස්ත සංඛ්‍යාව 72,430 දක්වා ඉහළ ගොස් ඇති බව නවතම දත්ත අනුව අනාවරණය වී තිබේ.
ඊයේ (15) දිනය තුළ පමණක් නව ඩෙංගු රෝගීන් 1,195 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ජූලි මාසයේ මුල් දින 15 තුළ පමණක් ආසාදිතයින් 17,051 දෙනෙකු වාර්තා වී ඇත.
පළාත් අනුව බැලීමේදී වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව බස්නාහිර පළාතෙන් වාර්තා වන අතර එය 38,160කි. දකුණු පළාතෙන් රෝගීන් 11,274 දෙනෙකු, සබරගමුව පළාතෙන් 6,073 දෙනෙකු සහ මධ්‍යම පළාතෙන් 6,026 දෙනෙකු හඳුනාගෙන තිබේ.
දිස්ත්‍රික් මට්ටමින් ගම්පහ දිස්ත්‍රික්කය රෝගීන් 15,082ක් සමඟ ඉහළම ස්ථානයේ පසුවන අතර, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 14,447ක් සහ මාතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 5,124ක් වාර්තා වී ඇත.
ඩෙංගු ආසාදනය හේතුවෙන් මේ වසර තුළ මේ දක්වා පුද්ගලයින් 49 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ද අදාළ දත්තවල සඳහන් වේ.


