― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසබන්වල මේද ප්‍රතිශතය සහ නම ලේබලයේ ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කරයි

සබන්වල මේද ප්‍රතිශතය සහ නම ලේබලයේ ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය කරයි

වෙළෙඳපොළේ අලෙවි වන සබන් වර්ග කිහිපයක් සම්බන්ධයෙන් නව ලේබල් කිරීමේ හා ඇසුරුම් කිරීමේ නියමයන් හඳුන්වා දෙමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම නව නියෝගය 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ 10(1)(අ) වගන්තිය මඟින් ලබා දී ඇති බලතල යටතේ ප්‍රකාශයට පත් කර ඇති අතර, සබන් ආනයනය, නිෂ්පාදනය, ගබඩා කිරීම, බෙදාහැරීම සහ අලෙවිය සිදුකරන සියලු පාර්ශ්ව සඳහා එය අදාළ වේ.

නව නියෝග අනුව, සබන් නිෂ්පාදනයේ නාමය ප්‍රධාන ඇසුරුම් රාමුවේ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම හෝ භාෂා දෙකකින් පැහැදිලිව සඳහන් කළ යුතු අතර, ඉතිරි භාෂාව වෙනත් ඕනෑම රාමුවක ඇතුළත් කිරීම අනිවාර්ය වේ.

එමෙන්ම, සබන් ඇසුරුම් කරන අවස්ථාවේදී එහි අඩංගු සමස්ත මේද පදාර්ථ ප්‍රමාණය ප්‍රතිශතයක් (%) ලෙස මිලිමීටර් 2ට නොඅඩු ඝන අකුරින්, පැහැදිලිව සහ ප්‍රකට ලෙස මුද්‍රණය කළ යුතු බවද නියම කර ඇත.

මෙම රෙගුලාසි ළදරු සබන්, ඇඟ ගල්වන සබන්, ෂේවින් සබන්, කාබොලික් සබන්, රෙදි සෝදන සබන්, බේදින් බාර් සහ මෘදු සබන් ඇතුළු සබන් වර්ග කිහිපයකට අදාළ වේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැඩබලන සභාපති එස්.එම්.ඩී. සූරියකුමාර මහතාගේ නිර්දේශ මත මෙම නව විධිවිධාන 2027 ජූලි 9 වැනිදා සිට ක්‍රියාත්මක වන බව අධිකාරිය සඳහන් කරයි.