― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsරඹුක්කන සිද්ධියෙන් එක් අයෙක් ජීවිතක්ෂයට - 27ක් රෝහලේ

රඹුක්කන සිද්ධියෙන් එක් අයෙක් ජීවිතක්ෂයට – 27ක් රෝහලේ

රඹුක්කන පොලිස් බල ප්‍රදේශයට නැවත දැනුම්දෙනතුරු ඊයේ (19) රාත්‍රියේ පැනවූ පොලිස් ඇඳිරිනීතිය තවදුරටත් ක්‍රියාත්මකයි.

මේ අතර මෙම ප්‍රදේශයේ පැවති විරෝධතාව අතර සිදුවූ ගැටුමෙන් තුවාල ලැබූ 27 දෙනෙකු තවදුරටත් කෑගල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබයි. ඉන් 13 දෙනෙකු විරෝධතාවට එක්වූ අය වන අතර ඔවුන්ගෙන් 03 දෙනෙකු දැඩි සත්කාර ඒකකයේ පසුවන බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

තුවාල ලැබූවන්ගෙන් 14 දෙනෙකු පොලිස් නිලධාරීන් වන අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව කියා සිටියේ පොලිස් ඇඳිරිනීතිය පනවා ඇති පොලිස් බල ප්‍රදේශය හරහා ගමන් කිරීමට පැමිණෙන මහජනතාවට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස දැනුම් දෙන බවයි.

කෙසේ වෙතත් රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකිරීම සඳහා තුන්දෙනෙකුගෙන් සමන්විත මණ්ඩලයක් පත් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් ජගත් අල්විස් පවසයි. සිද්ධියෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

මේ අතර ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව මාතර නගරයේ මහානාම පාලම අසළ පැවති විරෝධතාව පාලනය කිරීම සඳහාද පොලීසිය ඊයේ රාත්‍රියේ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ. විරෝධතාව අතරතුර කලහකාරී ලෙස හැසිරුණු 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේය.

ඊට අමතරව ගාල්ල, කඹුරුපිටිය, අකුරැස්ස, මහනුවර, මාතලේ, රත්නපුර, කෑගල්ල, අම්බලන්ගොඩ, හැටන්, හලාවත, ඇල්පිටිය, අනුරාධපුරය, මිනුවන්ගොඩ, කැස්බෑව, බණ්ඩාරගම, බත්තරමුල්ල, තෝප්පුව, තිස්සමහාරාම ඇතුලු නගර රැසකම එවැනි විරෝධතා ඊයේ පැවැත්වුණා. ඇතැම් නගරවල ජනතාව සහ බස් රථ සේවකයින් ටයර් පුළුස්සමින් ගමනාගමනයට බාධා එල්ල කළ බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.