දිවයින පුරා ක්‍රියාත්මක වන සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයකට වරින් වර තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
අද (20) පෙරවරු 11.00ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් නිකුත් කළ මෙම අවවාදාත්මක නිවේදනය හෙට (21) පෙරවරු 11.00 දක්වා වලංගු වන බව සඳහන් කර ඇත.
එම නිවේදනයට අනුව මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ, උතුරු, උතුරු-මැද සහ මධ්‍යම පළාත් මෙන්ම හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලට ද වරින් වර පැයට කිලෝමීටර් 40 සිට 50 දක්වා වේගයෙන් තද සුළං හමා යා හැකි බව පෙන්වා දී තිබේ.
ඒ අනුව එම ප්‍රදේශවල ජනතාව අවශ්‍ය ආරක්ෂිත පියවර ගනිමින් අවධානයෙන් සහ සූදානමින් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටියි.


