කන්තලේ ප්‍රදේශයේ පාසලක 6 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන සිසුන් 22 දෙනෙකු, මිනිස් පරිභෝජනයට නුසුදුසු විෂ සහිත බීජ වර්ගයක් ආහාරයට ගැනීමෙන් පසු අසාධ්‍ය තත්ත්වයෙන් කන්තලේ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
පොලීසිය සඳහන් කළේ, රෝහල්ගත කළ සිසුන් අතරින් සිව්දෙනෙකුගේ සෞඛ්‍ය තත්ත්වය තරමක් බරපතළ බැවින් ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය මහ රෝහල වෙත මාරු කර යවා ඇති බවයි.


