― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsනාවික හමුදාධිපති නිල හමුවීමක් සඳහා ජනාධිපති ලේකම් බැහැදකියි

නාවික හමුදාධිපති නිල හමුවීමක් සඳහා ජනාධිපති ලේකම් බැහැදකියි

ශ්‍රී ලංකා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු අද දින ( 20) නිල හමුවීමක් සඳහා ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී බැහැදැක තිබෙනවා .

සම්ප්‍රදායානුකූලව පැවති මෙම නිල හමුවේදී, ජාතික වැදගත්කමකින් යුත් කාර්යයන්හිදී ශ්‍රී ලංකා නාවික හමුදාව ඉටුකරනු ලබන කාර්යභාරය ඇතුළු, ජාතික හා සමුද්‍රීය ආරක්ෂාවට අදාළ වැදගත් කරුණු රැසක් පිළිබඳව නාවික හමුදාධිපතිවරයා සහ ජනාධිපති ලේකම්වරයා අතර සුහද අදහස් හුවමාරුවක් සිදු කළ බව සඳහන් .

තවද, මෙම නිල හමුවීම සනිටුහන් කරමින්, නාවික හමුදාධිපති විසින් ජනාධිපති ලේකම්වරයා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීම ද එහිදී සිදු කර තිබෙනවා .